ලබන නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා. එම කොමිෂන් සභාව පැවසුවේ එම කටයුතු ලබන මස 8 වනදා දක්වා සිදුකිරීමට නියමිතව ඇති බවයි. පසුගිය ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්කළ සියලුම දෙනා මෙම ඡන්ද විමසීම සඳහාContinue Reading

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියෙ මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩිතරමකතද වැසිද ඇති විය හැකි බවයි. එමෙන්ම දකුණු පළාතේ උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකිContinue Reading

අගෝස්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා රටේ උද්ධමය පිළිබඳව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තාවක් නිකුත්කර තිබෙනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය අගෝස්තු මාසයේ 0.5% සිට සැප්තැම්බර් මාසයේදී -0.5% දක්වා පහළ ගොස් තිබෙනවා. එමෙන්ම, ආහාර උද්ධමනය 0.8% සිට – 0.3% දක්වා අඩුවී ඇති බවද සඳහන්.Continue Reading

හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අද (30) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.Continue Reading

නේපාලයට බලපා ඇති අධික වැසි තත්ත්වයත් සමඟ ගං වතුර සහ නායයෑම්වලින් පුද්ගලයින් 150කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දින දෙකක් පුරා මෙලෙස අධික වැසි ඇද හැලෙමින් පවතින අතර, 70කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එමෙන්ම 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර, 3,600ක් පමණ ආරක්ෂිත ස්ථානContinue Reading

පසුගියදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර පිටවීම සම්බන්ධයෙන් ඇති වු ගැටළු සහගත තත්ත්වය හමුවේ අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ගත් තීරණයට එරෙහිව දෙමාපියන් විසින් මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා. එම උද්ඝෝෂණය සිදු කරන දෙමාපියන් පවසා සිටින්නේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙසයි. 2024Continue Reading

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට බරපතළ තුවාල සිදු වූ අයෙකු රෝහල්ගත කල බව කොටදෙණියාව පොලිසිය පවසනවා. මෙලෙස තුවාල සිදුවී ඇත්තේ වල්පිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර, ඔහුව ප්‍රථිකාර සඳහා ගම්පහ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, මෙම පුද්ගලයා කිසියම් අවශ්‍යතාවයක් සඳහා ප්‍රදේශයේ වන ලැහැබකට ගිය අවස්ථාවේContinue Reading

බේකරි ඇතුලු ආපනශාලා ආහාරවලට මිල පාලනයක් ගෙන ආ යුතු බව පාරිභෝගිකයින් පවසනවා. බිත්තර මිල පහල යාමත් සමඟ ඒ ආශ්‍රිත ආහාර නිෂ්පාදනවල මිල අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පියවර ගනු ලැබුවා. ඒ අනුව රයිස් සහ කොත්තු මිල රුපියල් 40 කින්ද, බිත්තර රොටියක් රුපියල් 30 කින්ද අඩු කිරීමටContinue Reading

2023 – 2024 තක්සේරු වර්ෂයේ ආදායම් බදු ගෙවා අවසන් කිරීමට ලබාදී ඇති කාලසීමාව අදින් අවසන් වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළා.  එමෙන්ම ,ආදායම් බදු ගෙවා අවසන් කිරීමට පසුගිය සිකුරාදා සිට අද දක්වා අවස්ථාව ලබාදී ඇති අතර, එම නියෝග කඩකරන පුද්ගලයින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.Continue Reading

සියලු‍ම රජයේ ආයතන ආවරණය වන පරිදි ජාතික විගණන කාර්යාලය විශේෂ විගණනයක් ආරම්භ කර තිබෙනවා. ඒ රාජ්‍ය ආයතන සතුව ඇති වාහන පිළිබඳ තොරතුරු රැස් කිරීම සඳහායි. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රථ ගාල ඇතුළු ස්ථාන කිහිපයක ගාල් කර ඇති රථ වාහන පිළිබඳව ද තවදුරටත් විගණන කටයුතු සිදු වෙමින් පවතිනවා. රජයේContinue Reading