IMF නියෝජිතයින් පිරිසක් එළැඹෙන සතිය අගදී දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් එළඹෙන සතිය අගදී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙරටට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන තෙවන සමාලෝචනය පිළිබද සාකච්ඡා කිරීම සදහා මෙම නියෝජිත පිරිස දිවයිනට පැමිණෙන බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කළේ.

ඒ අනුව, එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පැමිණීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *