සරම්ප,රුබෙල්ලා එන්නත් ලබාදීමට නිවාස 90,000ක්, ආයතන 2000ක වැඩි ප්‍රමාණයක් ආවරණය කෙරේ

විශේෂ සරම්ප,රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතිය ක්‍රියාත්මක වු පසු ගිය දින 5 තුළ සෞඛ්‍ය ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය නිවාස 90000 ක් සහ ආයතන 2000 කට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය කර ඇත‍ි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසනවා.

ලේකම්වරයා මේ බව පැවසුවේ වයස අවුරුදු 20 ත් 30 අතර සරම්ප එන්නත් ලබා නොගත් සහ එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගෙන ඇති බවට හදුනාගත් තරුණ තරුණියන් හට සරම්ප එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල අද දින (09) ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

කොළඹ දිස්ත්‍රික්කයේ තලංගම ප්‍රාදේශීය රෝහලේ ක්‍රියාත්මක සරමිප එන්නත් සායන මස්ධ්‍යස්ථානය සහ කොළඹ 5 කිරුළ මාතෘ නිවාසයයේ සායන මධ්‍යස්ථානය තුල ක්‍රියාත්මක සරමිප එන්නත්කරණ වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය.

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික ළමා අරමුදලේ (යුනිසෙෆ්) මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් ද එක්ව සිටියහ.

මෙම විශේෂ එන්නත්කරණ වැඩපිළිවෙල දිස්ත්‍රික්ක 12ක් සහ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 206 ක ඉදිරි සෙනසුරාදා දින 4 ක් තුළ ද ක්‍රියාත්මකයි.

සරම්ප එන්නත ලබාගෙන නොමැති වයස අවුරුදු 09 සිට 15 දක්වා දරුවන් වෙත ද මෙහි දී සරම්ප එන්නත ලබාගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *