ඒ බව දැනුම් දී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන විසින්.
අප වෙත වාර්තා වු කරුණු අනුව මෙලෙස කැඳවා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක් නුවර නිත්‍ය නියෝජිත ලෙස පත්වීම් ලද හිටපු අගවිනිසුරුවරයකු වන මොහාන් පීරිස්, බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස් ලෙස පත්කළ හිටපු විදේශ අමාත්‍යවරයකු වන රෝහිත බෝගොල්ලාගම, ඉන්දියාවේ මහ කොමසාරිස් ලෙස පත්කළ හිටපු තානාපතිවරියක වන ෂෙනුකා සෙනෙවිරත්න, ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් ලෙස පත්කළ චිත්‍රාංගනී වාගීෂ්වර, ජපානයේ තානාපති ලෙස පත්කළ රොඩ්නි පෙරේරා, මැලේසියාවේ මහ කොමසාරිස් ලෙස පත්කළ හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වන සුමංගල ඩයස්, නේපාලයේ තානාපති ලෙස පත්කළ හිටපු ගුවන් හමුදාපතිවරයකු වන සුදර්ශන පතිරණ, කියුබාවේ තානාපති ලෙස පත්කළ හිටපු නාවික හමුදාපතිවරයකු වන නිශාන්ත උලුගෙතැන්න, පාකිස්තානයේ මහ කොමසාරිස් ලෙස පත්කළ හිටපු නාවික හමුදාපතිවරයකු වන රවීන්ද්‍ර විජේගුණරත්න, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ලෙස පත්කළ උදය ඉන්ද්‍රරත්න, කෙන්යාවේ මහ කොමසාරිස් ලෙස පත්කළ වී. කනකනාදන්, සීෂෙල්ස් මහ කොමසාරිස් ලෙස පත්කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳගේ සොහොයුරෙකු වන ෂිමාල් වික්‍රමසිංහ සහ ඉරාන තානාපති ලෙස පත්කළ මොහොමඩ් ෂාහිඩ් යන අය වේ.
ඔවුන්ගෙන් හිස්වන තානාපති ධුර සඳහා ඉදිරියේදී විදේශ සේවයේ නියුතු පුද්ගලයන් පත්කරනු ඇති බව වාර්තා වනවා.