දිවියන් ගම් වැදීම හේතුවෙන් අනුරාධපුර නොච්චියාගම ප්රදේශයේ කුසුම්පුර, කිඹුල්පැටියාව, අඹගහවැව, ගල්කිරියාගම,ඇතුළු ගම්මාන රැසක ජනතාව මේ දිනවල දැඩි භීතියකට පත්ව සිටිනවා.
විල්පත්තුව රක්ෂිතයට මායිම්ව පිහිටි මෙම ගම්මානවල ජීවත්වන ජනතාව පවසන්නේ තම ගම්මානයට ඇතුළු වන දිවියන් විසින් කිරිගවයින්, එළුවන් සහ ප්රදේශයේ සුනඛයන් ගොදුරු කරගන්නා බවයි.
එබැවින් ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ගැටළුවට වහා විසඳුම් ලබාදෙන ලෙසයි.