අස්වැසුම සමාජ සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනින් අසාධාරණයට ලක්වූ පිරිස් පිළිබඳ සොයා බැලීමට දස පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.
විෂය භාර අමාත්‍ය විජිත හේරත්ගේ උපදෙස් මත අතිරේක ලේකම් නාලිකා පියසේනගේ සභාපතිීත්වයෙන් මෙම කමිටුව පත් කළ බවයි සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න සඳහන් කළේ, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් කළ කරුණු විමසීමේදී පැවති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් අදාළ කමිටුව පත් කර තිබුණා.
සමෘද්ධිලාභීන් ලෙස ප්‍රතිලාභ ලබමින් සිටි අස්වැසුම ප්‍රතිලාභ අහිමි වූ පුද්ගලයින් පිළිබඳව මෙම කමිටුව මගින් සොයා බලා වාර්තාවක් සකස් කිරීමට නියමිතයි.