අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂකයන් සම්බන්ධයෙන් ව්‍යාජ විඩියෝ දර්ශන සකස් කිරීම ඉහළ ගොස් තිබෙනවා.
ෆෙඩරල් විමර්ශන කාර්යාංශය හෙවත් එෆ්.බී.අයි. සදහන් කර ඇත්තේ, ඩිමොක්‍රටික් පාලක පක්ෂයේ අපේක්ෂිකාව වන කමලා හැරිස්ට අපහාස වන අයුරින් සකස් කළ වීඩියෝ 2ක් අන්තර්ජාලයට මුදා හැර ඇති බවයි.
එමෙන්ම, රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ටද අපහාස වන අයුරින් පසුගිය දින කිහිපයේ ම අන්තර්ජාලයට වීඩියෝ මුදාහැර තිබූ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ