අධිකරණ දෙකකින් වීවෘත වරෙන්තු 22ක් නිකුත් වී ඇති සැකකරුවෙක් අත්අඩංගුවට

කඳාන, කන්දේවත්ත ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ කඳාන පොලිස් නිලධාරින් අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටියදී සොරකමට සැකපිට සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක් වන මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයෙදී සොරකම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධව අයෙකු බව අනාවරණ වී තිබෙනවා.

මෙම සැකකරුට එරෙහිව නඩු විභාග වෙමින් පවතින අතර පුත්තලම සහ මීගමුව අධිකරණ මඟින් දින හා වීවෘත වරෙන්තු 22ක් නිකුත් වී ඇති සැකකරුවෙකු බවට තොරතුරු අනාවරණ වී ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.

කඳාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *