නීතිවීරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
මහනුවර – කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී පෙරේදා අත්අඩංගුවට ගත් මොහු මිරිහාන පොලිසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් හමුවට ඉදිරිපත් කර මේ මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
එමෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ භාවිත කළ බව කියන ව්‍යාජ අංක තහඩු යෙදූ සුදු පැහැති ජිප් රථයක් තෙල්දෙණිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඒ තෙල්දෙණිය – දිගන ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයේ පාළු නිවසක ගරාජයක තිබියදීයි.
මේ අතර මෙම සිද්ධියට අදාලව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි මිරිහාන පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ.