ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ එම රෝහලේ පිලිකා වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරයා විසින් එම රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට තර්ජනය කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් බවයි වාර්තා වන්නේ.
කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකු විසින් ඊයේ පස්වරුවේ මෙම වර්ජනය ආරම්භ කර තිබුණා.
වර්ජනය නියුතු වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ මෙම සිදුවීමට අදාළව නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.