මානව හිමිකම් සහ මූලික නිදහසට ගරු කරන ලෙස පාකිස්ථාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව යලි අවධාරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දේශපාලන විරුද්ධ මත දරන්නන්ට සැලකීම සහ පාකිස්ථානයේ ප්රජාතන්ත්රවාදයේ තත්වය සම්බන්ධයෙන් වැඩෙමින් පවතින කනස්සල්ල මධ්‍යයේ මෙම ප්‍රකාශය පැමිණෙන බවයි එම මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මැතිව් මිලර් අවධාරණය කර තිබුණේ, මානව හිමිකම් සඳහා දැඩි කැපවීමක් ඇතුළත් ව්‍යවස්ථාමය සහ ප්රජාතන්ත්රවාදී මූලධර්ම සාමකාමීව තහවුරු කිරීමට එක්සත් ජනපදය සහාය දෙන බවයි.
විශේෂයෙන්ම හිටපු අගමැති ඉම්රාන් ඛාන් සිරගත කිරීමෙන් පසු පාකිස්ථානයේ මෑත කාලීන විරෝධතා සහ දේශපාලන නොසන්සුන්තාවයන් සැලකිල්ලට ගනිමින් එම ප්‍රකාශය කර ඇති අතර ඊට සමගාමීව, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පාකිස්ථානයේ ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම් සඳහා සහාය දැක්වීමේ අරමුණින් ද්විපාර්ශ්වික යෝජනාවක් සම්මත කර තිබෙනවා.
ප්රජාතන්ත්රවාදී ආයතන සහ මානව හිමිකම් තහවුරු කිරීම සහතික කිරීම සඳහා පාකිස්ථානය සමඟ සම්බන්ධ වීම වැඩි දියුණු කරන ලෙස මෙම යෝජනාව බයිඩ්න් පරිපාලනයෙන් ඉල්ලා සිටින බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.
යෝජනාවට අනුග්‍රහය දැක්වූ කොන්ග්රස් සභික ඩෑන් කිල්ඩී, ප්රජාතන්ත්රවාදී සහභාගීත්වය මැඩලීමට ගන්නා ඕනෑම උත්සාහයක් හෙළා දකිමින් පාකිස්ථානයේ නිදහස් හා සාධාරණ මැතිවරණයක අවශ්‍යතාවය ඉස්මතු කර තිබෙන බවත් එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.