දීපවාලී සාදයකදී අධික ලෙස හෙරොයින් පානය කළ යාපනය උරුම්පිරායී ප්‍රදේශයේ තරුණයෙකු ඊයේ රාත්‍රීයේ මියගොස් තිබෙනවා.
ඔහු මත්ද්‍රව්‍ය පානයට ඉතා තදින් ඇබ්බැහි වූ පුද්ගලයෙකු වන අතර, දීපවාලී දිනයේදී ඔහුගේ මිතුරන් පිරිසක් විසින් කෝපායී ප්‍රදේශයේ සංවිධානය කොට තිබූ මත්පැන් සාදයක් සදහා විවිධ මත්ද්‍රව්‍යද රැගෙනවිත් ඇති බවට සඳහන්.
මියගිය තරුණයා සාදය ආරම්භයේ සිටම එක දිගටම හෙරොයින් පානය කර ඇති අතර, සවස් කාලයේදී ඔහු සිහි මූර්ජාවී බිම ඇද වැටී තිබෙනවා.
ඔහුගේ මිතුරන් පිරිසක් වහාම ඔහුව යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති නමුත් ස්වල්ප වේලාවකදී ඔහු මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක තරුණයෙකුවන අතර, ඔහු මත්ද්‍රව්‍ය ළග තබා ගැනීමේ චෝදනා කීපයක් සම්බන්ධයෙන් අවස්ථා කීපයකදීම යාපනය අධිකරණයේදී වරදකරුවකු වූ තරුණයෙක්.