ජනතාව 17 වරක් ප්‍රතික්ෂේප කෙරූ පුද්ගලයාගෙන් තමාට ව්‍යවස්ථාව ඉගෙන ගැනීමට අවශ්‍ය නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය පවසනවා.
ඇය මේ බව පැවසුවේ බෝකුන්දර ප්‍රදේශයේ පැවැති ජාතික ජනබලවේගයේ ජනහමුවක් අමතමින්.
එහිදී ඇය කියා සිටියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබෙනවා තමාට ව්‍යාවස්ථාව ගැන පාඩම් උගන්නවන්න සුදානම් බව නමුත් ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කල පුද්ගලයාගෙන් ඒ ගැන ඉගෙන ගැනීමට තමාට මොළේ අමාරුවක් නොමැති බවයි.
එමෙන්ම රනිල් වික්‍රමසිංහව ජනතාව ප්‍රතික්ෂේප කළ ද තවමත් යන්නේ නැතිව එල්ලි එල්ලි සිටින බව ඇය සදහන් කර සිටියා.
ව්‍යවස්ථාව දන්නා අයෙකු කිසිදු දිනක මැතිවරණ කල් දැමීමක් සිදු නොකරන බව ද අධිකරණයේ තීන්දු තීරණවලට බලපෑම් කරන්නේ නැති බව ද ඇය මෙම ජන හමුවේදී ප්‍රකාශ කළා.
බැංකු මංකොල්ලකරුවන්ට පමණක් නොව ජනතාවගේ මුදල් අවභාවිත කළ සියළු දෙනාට අධිකරණය ක්‍රියාත්මක වන බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය වැඩිදුරටත් කියා සිටියේ.