“ඉදිරියට වෘත්තීය සමිතිවල අවශ්‍යතාවයක් නැති වෙනවා”

ඉදිරියේදී ඇති වන සාමාකාමී පරිසරයට තුළ වෘත්තිය සමිතිවලින් දිනාගත හැකි දෙයක් නොමැති බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි පවසනවා.

ජනතාවට හිතවාදී ආණ්ඩුවක් බිහිවන අතර ඒ තුළින් ප්‍රශ්ණ නොමැතිව රට ඉදිරියට යාමට හැකි බව ඔහු මෙහිදී කියා සිටියා.

තව ද අනාගතයේ උපදීන දරුවන්ට වැඩ වර්ජනයක් කියන්නේ කුමක් දැයි කියලාවත් නොදන්නා මට්ටමකට රට ගෙන එන බව ඔහු කියා සිටියා.

එහෙයින් වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීමට අවශ්‍ය වන වෘත්තිය සමිතිවල අවශ්‍යතාවයක් නොමැති බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *