ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රහාර සැලසුම් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 03 දෙනා තවදුරටත් රඳවාගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා නිකුත් කර ඇති රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගිනුයි ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
ඉන් එක් අයෙකු යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවන අතර, අනෙක් පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.
එසේම දෙහිවල පිහිටි ඊශ්‍රායල කොන්සල් කාර්යාලය අවට ප්‍රදේශයේ සැකකටයුතු ලෙස රැදී සිටි අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සදහන් කළේ, මෙලෙස අත්අඩංගුවට ගත් 21 හැවිරිදි සැකකරු මාවනැල්ල – ගිරින්දදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.