පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.
මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40,657 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය පවසනවා.
මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 20දෙනෙකු මියගොස් ඇති බවද සදහන් කර සිටියා.
කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවල ද මහනුවර, රත්නපුර, මාතර, ගාල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැඩිපුර රෝගීන් වැඩිපුර වාර්තා වන බවයි සදහන් වන්නේ.
එමෙන්ම පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සමග යළිත් වරක් ඩෙංගු මඳුරුවන් බෝවීමේ ඉහළ යාමේ අවදානමක් පවතින බව සහ තමන් අවට පරිසරය මෙන්ම පොදු ස්ථාන ඇතුළු මදුරුවන් බෝවෙන ස්ථාන ඉවත් කරගැනීමට කටයුතු කරන මෙන් විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය මහජනතාවගෙන් ඉල්ලා සිටියා.