හිටපු ජනාධිපතිවරුන්, හිටපු කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර තිබෙනවා. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ මෙරට දේශපාලනයේ ප්‍රබලයින් 20කට අධික පිරිසක් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇති බවයි.
දශක ගණනාවක් පුරා මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර තිබෙනවා.
ඊට අමතරව ශෙහාන් සේමසිංහ, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, පාඨලී චම්පික රණවක ඇතුළු දේශපාලනඥයින් රැසක්ද ඊයේ දිනය වන විට මෙවර මහමැතිවරණයට තරග නොකිරීමට තීරණය කර තිබුණා.
පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහය පළ කළ මැති ඇමතිවරුන් විශාල පිරිසක්ද අද (11)වන විට මෙවර මහමැතිවරණයට තරග නොකිරීමට තීරණය කර තිබෙනවා.
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, ලොහාන් රත්වත්තේ, කනක හේරත් යන අයද ඒ අතරවන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම එස්.බී. දිසානායක, විමලවීර දිසානායක, ශාන් විජයලාල් ද සිල්වා , සහන් ප්‍රදීප්, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, සී.වී. විග්නේෂ්වරන්, වාසුදේව නානායක්කාර, ජනක බණ්ඩාර තෙන්නකෝන්, මේජර් ප්‍රදීප් උඳුගොඩ, ප්‍රියකංර ජයරත්න, නෂීර් අහමඩ්, සම්පත් අතුකෝරළ, ගෙවිඳු කුමාරතුංග සහ සුදත් මංජුල ද මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තිරණය කර තිබෙනවා.