ප්‍රධාන පක්ෂ නාමයෝජනා අත්සන් කිරීම අවසන් අදියරේ

ලබන නොවැම්බර් 14 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව ප්‍රධාන දේශපාලන පක්ෂ නාම යෝජනාවලට අත්සන් කිරීමේ කටයුතු අවසන් අදිරයේ ඇති බව දේශපාලන වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව පොදු ජන පෙරමුණේ නාම යෝජනා සකස් කිරීමේ කටයුතු අද දිනය තුළ අවසන් කරන බව එම පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් කියා සිටියා.

එමෙන්ම හිටපු අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහ ලේකම් ධූරය දරන ලංකා කම්කරු කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය ඊයේ රැස් වූ අතර එහිදී තීරණය වී ඇත්ත් නුවරඑළිය දිස්ත්‍රික්කයට අලියා ලකුණින් තරග වැදීමටයි. අ

අනෙක් දිස්ත්‍රික්කවලට ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරග වැදීමටද එහිදී තීරණය වී තිබෙනවා.

එමෙන්ම ජාතික ජනබලවේගය ගාල්ල, කළුතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා ඊයේ නාමයෝජනා අත්සන් තැබුණා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික්කය සදහා නාමයෝජනා අත්සන් තැබුවා.

මේ අතර සමගි ජන බලවේගයේ නාම යෝජනා අත්සන් කිරීමේ කටයුතුද පිටකෝට්ටේ පිහිටි සමගි ජනබලවේග මූලස්ථානයේ දී සිදු කෙරුණා.

මේ අතර දිස්ත්‍රික්ක 22 සදහා මේ වන විට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 33 ක් මේ වන විට නාමයෝජනා භාර දී තිබෙනවා.

මහ මැතිවරණය සඳහා නාම යෝජනාභාර ගැනීම ඔක්තෝම්බර් මස 4 වනදා ආරම්භ වූ අතර ලබන 11 වනදා මධ්‍යාහ්න 12.00 දක්වා සිදුකිරීමට නියමිතය.

මේ අතර මහ මැතිවරණයට අදාළ තැපැල් ජන්ද අයඳුම්පත් භාර ගැනීමේ කාලය ලබන 10 වනදා දක්වා දීර්ඝ කර තිබේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins


Most Viewed Stories

Leave a Reply

Your email address will not be published. Required fields are marked *