ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය අදට (01) දිනට යෙදී තිබෙනවා.
ඒ නිමිත්තෙන් සංවිධානය කරන ලෝක ළමා හා වැඩිහිටි දින සැමරුම් ජාතික උත්සවය අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපාය පරිශ්රයේ දී අද පෙරවරු 9ට පැවැත්වීමට නියමිතයි.
මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ”දරුවන් රැකගමු සම සේ රැකගමු” යන්නයි.
එක්සත් ජාතීන්ගේ යෝජනාවකට අනුව ලෝක ළමා දිනය සැමරීම ආරම්භ වන්නේ 1954 වසරේදීයි.
ළමා අයිතිවාසිකම් පිලිබද ප්රඥප්තියට අනුව වයස අවුරුදු 18ට අඩු සියළු දෙනා ළමුන් ලෙස සැලකෙනවා.
ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, ”ලෝකය ළමයින්ටයි ඔවුන්ගේ ලෝකය අපේ දෑතින් ගොඩ නගමු” යන්නයි