ඉන්ධන සඳහා පනවා ඇති බද්ද ඉවත් කරන බවට දුන් පොරොන්දුව ඉටු කරන ලෙස හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එමඟින් ඉන්ධන මිල සැලකිය යුතු ලෙස අඩුවනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
එමෙන්ම,ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගයක් මත අත්හිටුවා තිබූ පසුගිය රජය විසින් අනුමත කරන ලද සහන වැඩපිළිවෙළ ජනාධිපතිවරණයට අදාළව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද හිටපු අමාත්‍යවරයා රජයට ස්තූතිය පළ කර තිබෙනවා.