හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම අද අළුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියයන විට 74 වන වියේ පසුවුණා.
1994 වසරේ සිට මේ දක්වා වසර 30 ක් අඛණ්ඩව ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කිරීම ද විශේෂත්වයක්.
1982 වසරේ දී හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරණායක විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගලවත්ත ආසන සංවිධායක ලෙස හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම පත් කරනු ලැබුවා.
එමෙන්ම 2007 වසරේ සිට 2010 වසර දක්වා කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, 2010 වසරේ සිට 2015 වසර දක්වා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙසත්, ඔහු කටයුතු කර තිබෙනවා.
2020 වසරේ දී නව ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගත් හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම එහි නායකයා ලෙස කටයුතු කරනු ලැබුවා.
කළුගංතොට සිංහයා ලෙසද ඔහුව හදුන්වනු ලබනවා.