ශ්‍රී ලංකා පිල ලකුණු 514ක් ඉදිරියෙන්

ශ්‍රි ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදයි.

ශ්‍රි ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුළු 5ක් දැවී ලකුණු 602ක් ලබා ගත්තා.

මේ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට ලබා ගත්තේ සියලු දෙනා දැවී ලකුණු 88ක් පමණයි.

එය ශ්‍රී ලංකාව හමුවේ නවසීලන්ත කණ්ඩායම ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාවද වෙනවා.

එහිදී Mitchell Santner ලකුණු 29ක්ද, Daryl Mitchell ලකුණු 13ක්ද, Rachin Ravindra ලකුණු 10ක්ද රැස් කළා.

ප්‍රභාත් ජයසූරිය 9 වැනි වතාවටත් ටෙස්ට් කඩුළු 5ක් ලබා ගැනීමට සමත් වුණා.

ඔහු ලකුණු 42ක දී කඩුලු 6ක් බිද හෙලීමට සමත් වුණා.

මේ අතර සිය ප්‍රථම ටෙස් තරගය ක්‍රීඩා කළ නිසාන් පීරීස් ලකුණු 33කට කඩුලු 3ක්ද, අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *