ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි අතර යළිත් ද්විපාර්ශවීය සාකච්ඡා වටයක් පවත්වා තිබෙනවා.
ඒ අමෙරිකාවේ නිව් යෝර්ක් නුවරදීයි.
මාසයක පමණ කාලයක දී නායකයන් දෙපළ අතර පැවැති දෙවැනි හමුව මෙයයි.
මීට පෙර ද අගමැති මෝදි අගෝස්තු 23 දින යුක්රේනයේ සංචාරයක නිරත වූ අතර යුක්රේන ගැටුමේ සාමය ඉක්මනින් නැවත පැමිණීමට පහසුකම් සැලසීම සඳහා හැකි සෑම ආකාරයකින්ම දායක වීමට ඉන්දියාවේ කැමැත්ත එහිදී නැවත අවධාරණය කළා.
භෞමික අඛණ්ඩතාව සහ රාජ්‍යවල ස්වෛරීභාවයට ගරු කිරීම වැනි එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය ඇතුළු ජාත්‍යන්තර නීතියේ මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා තවදුරටත් සහයෝගීතාව සඳහා ඔවුන්ගේ සූදානම අගමැති මෝදි සහ ජනාධිපති සෙලෙන්ස්කි නැවත අවධාරණය කළ බව සඳහන්.
මේ සම්බන්ධයෙන් වඩාත් සමීප ද්විපාර්ශ්වික සංවාදයක යෝග්‍යතාවයක් සඳහා ද ඔවුන් එකඟ වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ