මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ අංක EC/ADM/PRE/2024 සහිත 2024.09.09 දිනැති ලිපිය මගින් ඉල්ලා ඇති පරිදි දිවයිනේ සියලුම පාසල් එළැඹෙන 20 වනදා වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කර සිටියේ ඒ අනුව 20 වනදා දින පාසල් වසා තබන අතර 23 වනදා පාසල් නැවත ආරම්භ කෙරෙන බවයි.
තව ද ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් 2024.09.19 දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාවය පරිදි අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.
ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, පුටු සහ ශාලා පහසුකම් ලබා දීමට සියලුම කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුම්වත් කර තිබෙනවා.
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පහත සඳහන් පාසල් එම ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව තුළ පමණක් වසා දැමීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.