මධ්‍යම ග්‍රීසියේ වොලොස් වරාය මිරිදිය මත්ස්‍යයන්ගෙන් වැසී ගොස් ඇති බව වාර්තා වනවා.
ග්‍රීසියේ තෙසාලි ප්‍රදේශයේ ඇති වූ ගංවතුරෙන් පසු සාමාන්‍ය ප්‍රමාණය මෙන් තුන් ගුණයක් පමණ විශා වූ මිරිදිය විලකට මෙම මාළු කොටු වී ඇතැයි සැලකෙනවා.
නමුත් ඉන් පසුව වැව් ජලය සැලකිය යුතු ලෙස බැස ගොස් ඇති අතර, මාළුන්ට එහි ජීවත් විය නොහැකි නිසා මුහුද දෙසට පිහිනා ගොස් ඇති බවයි බලධාරින් අනුමාන කරන්නේ.
මිරිදිය මත්ස්‍යයන්ට මුහුදු ජලයේ ජීවත් විය නොහැකි නිසා ඔවුන් මෙලෙස මරණයට පත්ව තිබෙනවා.
වොලොස් වරායේ විශාල ප්‍රදේශයක් බ්ලැන්කටයකින් ආවරණය කළාක් මෙන් මෙලෙස මිය ගිය මත්ස්‍යයන්ගෙන් වැසි ගොස් ඇති අතර, නිවැසියන් සහ බලධාරීන් තැතිගන්වන දුර්ගන්ධයක් ඇති කර ඇති බවත් සඳහන්.