මෙරට ට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අද ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මුණගැසී තිබෙනවා.
කොළඹ දී සිදුවූ මෙම හමුවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් ද එක්ව සිටියා.
දෙරට අතර පවතින දේශපාලන සම්බන්ධතාවයන්, මෙරට දේශපාලන තත්වයන් සහ කලාපීය දේශපාලන තත්වයන් මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.