යාපනයේ හෝටල් කාමරයක දැරියකගේ මළ සිරුරක්

යාපනයේ තිරුණවේලී ප්‍රදේශයේ පෞද්ගලික හෝටල් කාමරයකින් වයස අවුරුදු 12 ක මියගිය දැරියකගේ මළ සිරුරක් යාපනය කෝපායී පොලීසිය විසින් ඊයේ සොයා ගෙන තිබෙනවා-

පොලීසිය එම හෝටල් කාමරයට ගිය අවස්ථාවේදී මියගිය දැරියගේ මිත්තනිය බවට සැකකරන කාන්තාවක්ද එම හෝටල් කාමරයේ ඇදක වැතිර සිට ඇති අතර ඇය ඒ අවස්ථාව වන විටත් සිහිසුන්ව සිට බවයි වාර්තා වන්නේ-

මේ දෙදෙනා ත්‍රිකුණාමළය ප්‍රදේශයේ සිට යාපනයට පැමිණ ඇති අතර කාන්තාව හෝටලයේ කළමනාකරුට පවසා ඇත්තේ දැරිය රෝගයකින් පෙළෙන බවත් ඇයට ත්‍රිකුණාමළයෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි නිසා යාපනයේ වෛද්‍යවරයෙකු හමු වීමට පැමිණි බවත් ය-

මේ දෙදෙනා කාමරය කුළියට ගත් පසුව එක් අවස්ථාවකදී පමණක් කාමරයෙන් ඉවතට ගොස් යළි ආපසු පැමිණි බවයි හෝටලයේ කළමනාකාරවරයා කෝපායී පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ-

කාමරයෙන් දැඩි දුගධක් හමන නිසා සේවකයින් කාමරයේ දොරට තට්ටූ කළත් කිසිදු ශබ්දයක් නොමැති නිසා ජනේලයකින් බලන විට ඇය මිය ගොස් ඇති බවට අනාවරණය වූ බවයි කළමනාකරු පැවසුවේ

කෝපායී පොලීසිය සඳහන් කළේ මිත්තනිය බව කියන කාන්තාවගේ ආශ්වාස ප්‍රාශ්වාස තත්ත්වයක් පෙන්නුම් කළ නිසා පොලීසිය පැමිණීමෙන් පසුව ඇයව රෝහල් ගත කිරීමට රැගෙන යන විට ඬඬ මාව මේ කොහෙද ගෙනියන්නේ ඬඬ යණුවෙන් කෙදිරි ගාමින් ප්‍රකාශ කළද ඊට පසුව මේ දක්වා කිසිම කතාවක් කාන්තාවගෙන් අසන්නට නොලැබුණු බවයි-

මිත්තනිය විසින් ලියූ බවට සැකකරණ ලිපියක්ද කාමරයෙන් හමු වී ඇති අතර එම ලිපියේ සදහන් ව ඇත්තේ ඔවුන් සියදිවි හානි කර ගන්න බව ප්‍රකාශ කරමින් වූවත් එම ලිපිය ඉතා සැක සහිත බවයි පොලිසිය පැවසුවේ

දැරියගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යාපනය ශීක්ෂණ රෝහල වෙත බාර දී තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *