සමනලවැවෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කෙරේ

සමනල වැව

සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීම අරඹා තිබෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

ඊයේ (07) සමනල වැව ජලාශයෙන් කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය ජලය නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක ප්‍රකාශ කළා.

අමාත්‍ය මණ්ඩල රැස්වීමට පෙර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජනාධිපති උපදේශක සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්ද පැවැත් වුණා.

ඊට විෂයභාර අමාත්‍ය කංචන විජේසේකරද එක්ව සිටි අතර සමනළවැව ජලාශයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය නිකුත් කිරීම සහ අඛන්ඩව විදුලිය ලබා දීම සම්බන්ධයෙන් ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳ එහිදී සාකච්ඡා වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *