ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම විදුලි මෝටර් රථය වෙළඳ පොළට

අයිඩියල් මෝක්ෂ
මෙරට ප්‍රථම ස්වදේශීය පූර්ණ විදුලි මෝටර් රථය වන ‘මෝක්ෂ’ නොවැම්බර් මාසයේදී අයිඩියල් මෝටර්ස් විසින් වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

මෙය රෝද හතරේ හතරැස් විදුලි වාහනයක් ලෙස වර්ගීකරණය කර ඇති අතර, හතරදෙනකුට අසුන්ගෙන යාමට ද හැකියාව තිබෙනවා.

‘අයිඩියල් මෝක්ෂ’ රුපියල් මිලියන 4.5ක මිලකට අලෙවි කිරීමට නියමිතයි.

ප්‍රසිද්ධ ඔස්ටින් මිනි මෝක් වෙතින් ආභාසය ලබාගනිමින් නිපදවා ඇති ‘අයිඩියල් මෝක්ෂ’ යනු ඇලෝයි වීල් සහිත පූර්ණ වායුසමීකරණය කළ වාහනයක්.

අයිඩියල් මෝටර්ස් හි සභාපති නලීන් වෙල්ගම සඳහන් කළේ, ‘අයිඩියල් මෝක්ෂ’ 22.46 kWh ලිතියම් බැටරියකින් සමන්විත වන අතර, එය එක රැයකින් ඇම්පියර් 15ක ගෘහස්ථ චාජරයකට සම්බන්ධ කිරීමෙන් එක් ආරෝපණයකින් කිලෝමීටර් 200ක් දක්වා පරාසයක් ලබා දෙන බවයි.

මෙම මෝටර් රථ මෙහෙයුම සඳහා වැලිපැන්න මහින්ද්‍රා බලාගාරයට යාබදව වර්ග අඩි 30,000 ක වෙනම කර්මාන්ත ශාලාවක් ඉදිකර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ, මෙම මෝටර් රථය අපනයනය කිරීම සම්බන්ධයෙන් වන විමසීම් මේ වනවිටත් අප්‍රිකාවෙන් ලැබී ඇති බවත්, 2024 අවසානයේ සිට අපනයන සිදුකරනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *