රුසියාව යලිත් සඳ තරණයට

දශක පහකට පසු යළිත් සඳ ගවේෂණයට රොබෝ යානයක් යැවීමට සැලැසුම් කරන බව රුසියාව පවසනවා.
රුසියාව සඳට රොබෝ ගවේෂණ යානා යැවීම් කළේ සෝවියට් රුසියාව පැවැති සමයේ, ඇමෙරිකාව සමඟ සීතල යුද්ධයක පැටැලී සිටිද්දීයි.
සෝවියට් රුසියාව පළමුවෙන් සඳට යානාවක් යැවුවේ 1976 වසරේදී යි.
රුසියාව අලුතින් සඳට යැවීමට සූදානම් වන්නේ සඳට පතිත කරමින්, ගවේෂණ කටයුතු සදු කළ හැකි ආකාරයේ යානයකි. මෙය ‘ලූනා 25’ යනුවෙන් නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
‘ලූනා 25’ කිලෝ ග්‍රෑම් 800 ක් බර අතර, මෙය චන්ද්‍රයාගේ දක්ෂිණාර්ධ ගෝලයට පතිත කිරීමට නියමිත බවයි සඳහන්.
‘ලූනා 25’ යානය ලබන 11 වැනිදා සෝයුස් රොකට්ටුවක ආධාරයෙන් ගමන් ආරම්භ කරනු ඇති බව ද එරට මාධ්‍ය වාර්තා කරනවා.