අද පාර්ලිමේන්තුව රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (08) උදෑසන 9.30ට කතානායක මහින්දයාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.
වසර මැද මූල්‍ය තත්වය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදය අද පැවැත්වීමට නියමිත අතර මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ ආණ්ඩු පක්ෂය විසින්.
එමෙන්ම ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය හෙට පැවැත්වෙනවා.
මීට අමතරව වතු ප්‍රජාව මුහුණදෙන සමාජ ආර්ථික ගැටලු පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයක්ද අනිද්දා පැවැත්වීමට නියමිතයි.