පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ කටයුතු අද සාමාන්‍ය පරිදි

මැනිං වෙළෙඳපොළ

පෑලියගොඩ, මැනිං වෙළෙඳපොළේ කටයුතු අද (27) දිනයේ සාමාන්‍ය පරිදි සිදුවන බව සීමාසහිත සමත්ත ලංකා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන සංගමයේ භාණ්ඩාගාරික නිමල් අත්තනායක පවසනවා.

පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළේ කඩ කාමර සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මුල් කර ගනිමින් ඊයේ (26) එහි පැවති විරෝධතාවක් අතරතුරදී මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපතිවරයා ඇතුළු 17 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් ඇප මත මුදා හැරුණා.

ඒ, ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන සංගමයේ භාණ්ඩාගාරික නිමල් අත්තනායක කියා සිටියේ ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද තම සංගමය බලාපොරොත්තු වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *