ග්‍රාමසේවකවරියට බලහත්කාරකම් පෑ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට

කළුතර උතුර ප්‍රදේශයේ ග්‍රාමසේවකවරියකට සාපරාධි බලහත්කාරකම් පෑ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු කළුතර සභා මන්ත්‍රීවරයකු කළුතර උතුර පොලිසිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ග්‍රාම සේවා නිලධාරිනිය ඡන්ද නාම ලේඛන ලකුණු කිරිම සඳහා නිවෙස් වලට යන අවස්ථාවේදී වෙනත් පක්ෂයක අපේක්ෂකයෙකුද ඇය හා ගොස් තිබෙනවා.එම සම්බන්ධයෙන් උරණ වූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇය සමග වචන හුවමාරුවක් ඇති වී තිබුණා .
එම සම්බන්ධයෙන් ග්‍රාමසේවකවරිය කළුතර උතුර පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.