ගව ඝාතකාගාරයක් වටලයි

වැලිපැන්න පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් වටලා තිබෙනවා.
එම ඝාතකාගාරයට, ඝාතනය සදහා රැගෙන විත් තිබූ මී ගවයන් 09 ක් වලාන දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ(26) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වලාන දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
එළ ගවමස් ලෙස මී ගවයන් ඝාතනය කර විකිණීමට මෙම මී ගවයන් ගෙනවිත් තිබු අතර මී ගවයන් 09 දෙනා සමග ගව ඝාතනය සඳහා භාවිතා කරන මන්නා පිහි 09 ක් ,පොරෝ 01 ක් , යකඩ කූරු 03 ක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම්තයි.