ශ්‍රී ලංකාවත්ලොව වැඩිපුරම පිටිකිරි භාවිතා කරන රටවල් අතරට

ලෝකයේ වැඩිපුරම පිටිකිරි භාවිතා කරන රටවල් පහෙන් එකක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.
පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳව ප්‍රකාශකළ අතර දියර කිරි සමග සාපේක්ෂව ගත් කළ පිටිකිරි භාවිතා කිරීම පෝෂණය සම්බන්ධයෙන් යහපත් කාරණයක් නොවන බවද සඳහන් කර සිටියා.
දියර කිරි භාවිතය ප්‍රචලිත කිරීම අභියෝගයක්ව තිබෙන බවද පශු සම්පත් කාර්යාල 337 ක් ලංකාවේ තිබෙන අතර “සැබ්” ආයතනයේ සහය ගෙන දියර කිරි අලෙවිය ප්‍රචලිත කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ලංකාවට අවශ්‍ය කරන කිරි ප්‍රමාණයෙන් මෙරටින් ලැබෙන්නේ සියයට හතළිහක් පමණක් බවත් සියයට 60ක්ම විදේශ රටවලින් ආනයනය කරන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.