මියගිය පුතුගේ උපාධිය මවට

යාපනය විශ්ව විද්‍යාලයේ මෙවර පැවති උපාධි ප්‍රධානෝත්සවයේදී සිංහල මවක් මුලු සභා ශාලාවම කම්පාවට පත් කරමින් විලාප තබමින් උපාධි සහතිකය ලබා ගත් පුවතක් ඊයේ (20) වාර්තා වී තිබෙනවා.
එවකට යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධව වවුනියාව විශ්ව විද්‍යාල මණ්ඩපය පැවති කාල වකවානුවේදී මෙම මවගේ පුතා වන හෂාන් සාගර දිසානායක නැමති අය උපාධි පරීක්ෂණයට පෙනී සිටීමෙන් අනතුරුව යතුරු පැදි අනතුරකින් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ ඔහු අනතුරට පත්ව ඇත්තේ අනුරාධපුර මැදවච්චිය ප්‍රදේශයේදීයි.
එම විශ්ව විද්‍යාල සිසුවා උපාධි පරීක්ෂණය සමත් වී තිබීම නිසා ඔහු වෙනුවෙන් ප්‍රධානය කළ උපාධි සහතිකය ලබා ගැනීමට මව පැමිණ සිටි අතර සිසුවාගේ නම ප්‍රකාශයට පත් කිරීමත් සමඟම මව විලාප තබමින් හඩා වැටුණු බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.
ඒ මොහොත සියළුම විශ්ව විද්‍යාල සිසුන්ගේ හදවත් කම්පාවට පත් කෙරෙන දසුනක් වූ අතර එම ශිෂ්‍යාගේ සහෝදර සිසුන්ද ඒ අවස්ථාවේදී කදුළු සලමින් හඩා වැටෙනු බවයි වාර්තා වන්නේ.
මේ සංවේදී මොහොතේ එම මවට සිය පුතුගේ උපාධි සහතිකය ලබා ගැනීමට බොහෝ වේලාවක් ගත වූ අතර සහතිකය ප්‍රධානය කළ යාපනය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සී. පද්මනාදන් ද එම අවස්ථාවේ සංවේදීව මව සමඟ කතා කර ඇයව සැනසීමට උත්සාහ ගෙන තිබෙනවා.