නීති විද්‍යාල ප්‍රවේශ ගාස්තුව ඉහළට

නීති විද්‍යාල ප්‍රවේශ ගාස්තුව රුපියල් 15000 දක්වා ද විභාග ගාස්තු රුපියල් 1200 ක් දක්වා ද වැඩි කර තිබෙනවා,
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළ අතර උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමටත් පෙර නීති විද්‍යාලයට අයැදුම්පත් කැඳවා තිබීම සම්බන්ධයෙන් විසඳුම් ලබාදිය යුතු බවයි ඔහු සඳහන් කර සිටියේ.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශකර සිටියේ නව ගැසට් පත්‍රයේ රෙගුලාසි අනුව ගාස්තු වැඩි කිරීමක් සිදුකර තිබෙන බවයි.
එමෙන් ම නීති අධ්‍යයන කවුන්සිලය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර මෙම වැඩි කිරීම කළ බවත් සිසු සිසුවියන් 5000 කට පමණ අධ්‍යාපන කටයුතු ඇතුළු අනිකුත් පහසුකම් නීති විද්‍යාලය විසින් ලබා දෙන අතර නීති විද්‍යාලයට රජයෙන් කිසිම මුදලක් ලබා නොදෙන බවයි අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.