ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය දීර්ඝ කෙරේ

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව

ඇල්පිටිය ප්‍රදේශීය සභාවේ සභිකයින්ගේ ධුර කාලය ලබන වසරේ නොවැම්බර් 4 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යවරයා ලෙස නිකුත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින්.

නාමයෝජනා ගැටළුවක් හේතුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඡන්ද විමසීම ප්‍රමාදවී පැවැත්වූ අතර, සභාපති ඇතුලු සභිකයින්ගේ නාමලේඛනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 2019 වසරේ නොවැම්බර් 4 වැනිදායි.

ඒ අනුව ඔවුන්ගේ ධුර කාලය මෙම වසරේ නොවැම්බර් 4 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් නාමයෝජනා කැඳවීමට පෙර අනෙකුත් ප්‍රාදේශීය සභාවල කාලයද වසරකින් දීර්ඝ කිරීමට පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශය පියවර ගත් අතර, ඒ අනුවයි ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කාලයද මෙලෙස වසරකින් දීර්ඝ කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *