බස් රථයක් ප්‍රපාතයකට පෙරළී පුද්ගලයෙක් මරුට: 08 කට තුවාල

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල ප්‍රදේශයේදී කාර්යාල සේවකයින් ප්‍රවාහනය කළ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 08 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.
උමා ඔය ව්‍යාපෘතියේ සේවකයින් ප්‍රවාහනය කරන බස් රථයකුයි අද උදෑසන මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.