පෙත්සම් 05 ක පිටපත් කථානායකට

පාර්ලිමේන්තුව
පළාත් සභා, මහනගර සභා හා නගර සභා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පසුගිය දා ඉදිරිපත් වූ සංශෝධන පනත් කෙටුම්පත්වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබුණු පෙත්සම් 05 ක පිටපත් කථානායකවරයා වෙත ලැබී තිබෙනවා.

ඒ පිළිබඳ කථානායක මහින්ද යාපා අබේවර්ධන අද පෙරවරුවේ පාර්ලිමේන්තුව ආරම්භයේදී සිය නිවේදන යටතේ සභාවට දැනුම් දුන්නා.

එම පනත් කෙටුම්පත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *