පදවිය රෝහලේ විදුලිය විසන්ධි වෙයි

පදවිය රෝහලේ විදුලි බිල නොගෙවිම හේතුවෙන් රෝහලේ විදුලිය විසන්ධි කර තිබෙනවා.
විදුලිය නොමැති හේතුවෙන් පානිය ජලය පෙරණයෙන් ජලය මුදා හැරිමට නොහැකි විම ආදී විවිධ බාධා වලින් නේවාසික රෝගීන්, බාහිර රෝගීන් මෙන්ම සෞඛ්‍ය කාර්ය නිලධාරින් ද අපහසුතාවයට පත්ව තිබෙනවා.
රු74,000ක පමණ විදුලි බිල නොගෙවිම නිසා මෙම රෝහලේ විදුලිය විසන්ධි කර ඇති බවයි වාර්තා වෙන්නේ.
දිනකට පානිය ජලය ලීටර 800ක් -1000ක් අතර ප්‍රමාණයක් මෙහි දී ජලය බෙදා හරින අතර වෙනම මීටරක් හරහා විදුලි සම්බන්ධතාවය ලබා ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙහි විදුලි බිල රජය මගින් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට මුදල් ලැබිමෙන් පසු විදුලිබල මණ්ඩලයට ගෙවන අතර,පදවිය සහකාර ප්‍රාදේශිය ලේකම්වරයා පැවසුවේ විදුලිබිල ගෙවිමට තම කාර්යාලයට මුදල් ලැබි නොමැති බවයි.