කඩා වැටුණු පකිස්ථාන ඉනිම සවිමත් වෙයි

ඒ අනුව අද දිනයේ උදෑසන කාලයේ තරගය පැවැත්වෙන ගාල්ල ප්‍රදේශයට බලපෑ වැසි සහිත කාලගුණයත් සමඟ තරගය ආරම්භ කිරීමට මදක් ප්‍රමාද වුනා.
පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමා වන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන පාකිස්තාන කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 221 ක් ලබා සිටියා.
ඊයේ දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටින අගා සල්මාන් ලකුණු 61 ක් හා සවුද් ශකීල් ලකුණු 69 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා.
ආරම්භක පිතිකරුවන් වූ ඉමාම් උල් හක් එක් ලකුණකටත්, අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 19 කටත් දැවීගිය අතර පන්දු 30 කින් වේගවත් ලකුණු 39 ක් රැස් කරමින් සිටි ශාන් මසූඩ් රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.
නායක බාබර් අසාම් ලකුණු 13 ක් රැස්කළ අතර සර්ෆරාස් අහ්මඩ් ලකුණු 17 කට දැවී ගියා.
පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය කඩුලු 3 ක්ද, කසුන් රාජිත සහ රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ල බැඟින්ද බිඳ හෙළීමට සමත් වුණා.