උණුසුමෙන් රටවල් රැසකට දැඩි බලපෑම්

උණුසුම

යුරෝපයට බලපෑම් එල්ල කළ උණුසුම මේ වනවිට ලොව පුරා රටවල් රැසකට උණුසුම් කරමින් පවතිනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ චීනය දක්වා මෙම දැඩි උණුසුම් සහිත කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.

මෙම සතියේදී ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් සෙල්සියස් අංශක 54ක සාමාන්‍ය උෂ්ණත්වයක් සහ චීනයේ සිං ජියෑන් ප්‍රාන්තයෙන් සෙල්සියස් අංශක 52යි දශම 2ක උෂ්ණත්වයක් වාර්තා වී තිබෙනවා.

ඊට අමතරව ඉතාලියට අයත් දූපතක් වන සාඩිනායාහි සාමාන්‍ය උණුසුම දැක්වුණේ සෙල්සියස් අංශක 46ක් ලෙසයි.

විදෙස් වාර්තා සඳහන් කළේ අධික උණුසුම හේතුවෙන් මිලියන ගණනක ජනතාවට බලපෑම් එල්ල වී ඇති බවයි.

එමෙන්ම මෙම තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ වාර්තා ගත ලෙස වැඩිවනු ඇති බවද එම වාර්තාවල දැක්වුණා.

මේ අතර අධික උණුසුම හේතුවෙන් පීඩා විදින චීන වැසියන්ට සුළි කුණාටුවකින් ද බලපෑම් එල්ල වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ටලීම් සුළි කුණාටුව චීනයේ ග්වැන්ඩොං ප්‍රාන්තයට කඩා වැදී ඇති අතර ඒ හේතුවෙන් දෙලක්ෂ පනස්දහසක ජනතාවක් එම ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බවයි.

එමෙන්ම මෙම සුළි කුණාටුවෙන් වියට්නාමයටත් බලපෑම් එල්ල වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *