වරාය නගරයේ කෘත්‍රිම වෙරළ තීරය නැරඹීමට පැමිණි පිරිස 3000ක්

කොළඹ වරාය නගරයේ අලුතින් ජනතා අයිතියට පත් කළ කෘත්‍රිම වෙරළ තීරය නැරඹීම සඳහා මේ දක්වා 3000ක පමණ පිරිසක් පැමිණ තිබෙනවා.
එය විවෘත කළ පෙරේදා (15) දින සිට ඊයේ (16) රාත්‍රි 9 දක්වා කාලය තුළ මෙම පිරිස පැමිණ ඇති බවයි කොළඹ වරාය නගර පාලන අධිකාරිය සදහන් කළේ.
කිසිදු ගාස්තුවක් අයකිරීමකින් තොරව මෙම කෘත්‍රිම වෙරළ තීරය නැරඹීම සඳහා ජනතාවට අවස්ථාව සළසා දී තිබෙනවා.
පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් සදහා වෙරළ ක්‍රීඩා, ජල ක්‍රීඩා, අවන්හල් මෙන්ම සාප්පු සංකීර්ණ අත්දැකීම් ද ලබා ගත හැකි පරිදි සේවා ජාලයක් ක්‍රියාත්මකයි.