දකුණු කොරියාවේ ආපදා හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

දකුණු කොරියාව

දකුණු කොරියාවට බලපෑ අධික වර්ෂාව නිසා ඇතිවූ ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 37 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම පුද්ගලයින් 9 දෙනෙකු තවදුරටත් අතුරුදන්වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පවතින අවදානම හේතුවෙන් දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටද දකුණු කොරියානු ආපදා අංශ පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම ඔසොං නගරයේ අඩි 2,247ක දිගැති චොන්ජේ උමගේ සිරවී ඇති මෝටර් රථ තුළ කී දෙනෙකු සිටීද යන්න පිළිබඳ තවමත් තහවුරු වී නැහැ.

තවදුරටත් වාහන 15ක් පමණ ජලයෙන් යටවූ උමග තුළ සිරවී ඇති බවටයි වාර්තාවන්නේ.

මෙහිදී උමගේ සිරවූ අයගෙන් 9 දෙනෙකුගේ සිරුරු මේ දක්වා සොයාගෙන තිබෙනවා.

දින පහකට අධික කාලයක් පුරා දකුණු කොරියාවට අධික වැසි ඇද හැලෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *