තිරුක්කෝවිල් මුහුදේ ගින්නක්

තිරුක්කෝවිල් – කෝමාරි මුහුදේ කිසියම් ගිනි ගැනීමක් සිදුවන බවට ධීවරයින් නාවික හමුදාව වෙත දැනුම්දී තිබුණා.

එම දැනුම්දීමට අනුව නාවික හමුදාවේ ඩෝරා යාත්‍රාවක් එම ස්ථානයට ළඟාවෙමින් සිටින බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

කෙසේ වෙතත් ඊයේ (16) රාත්‍රි දොළහට පමණ පැවති ගින්න නිවී තිබූ අතර, තවදුරටත් එම ස්ථානයට ළඟාවී නිරීක්ෂණ කටයුතු සිදුකරන තුරු මෙම ගිනිගැනීම කුමක්ද යන්න පිළිබඳව තොරතුරු වාර්තා කළ නොහැකි බවද නාවික හමුදාව ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *