හොලිවුඩයේ රංගන ශිල්පීන් වර්ජනයකට සැරසේ

වසර 40කට පසු හොලිවුඩයේ රංගන ශිල්පීන් දැවැන්ත වර්ජනයකට සූදානම් වනවා.

ඒ, චිත්‍රපට නිෂ්පාදනයේ දී ලැබෙන ලාභයෙන් වැඩි කොටසක් ඒවා බෙදාහරින නව තාක්ෂනික නිමැවුම්කරුවන් වෙත ලැබෙන බව පවසමින්.

හොලිවුඩ් රංගන ශිල්පීන් පෙන්වා දෙන්නේ එම ලාභාංශ සමානව බෙදී යාමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි.

එමෙන්ම හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදනය සඳහා කෘත්‍රිම බුද්ධිය යොදාගැනීමට ද විරෝධය පළ කරන බවයි හොලිවුඩ් රංගන ශිල්පීන්ගේ සංගමය නිවේදනය කර ඇත්තේ.

ඒ සඳහා එක්ලක්ෂ 60,000කට අධික පිරිසක් එක්වීමට නියමිත අතර, නළු නිළියන්, හඬ කැවීමේ ශිල්පීන්, කැමරා ශිල්පීන් සහ පිටපත් රචකයන් ඇතුලු ක්‍ෂේත්‍ර ගණනාවක් ඊට අයත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *