ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 9 දෙනෙක් මධ්‍යම කාරක සභාවට කැඳවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

ආණ්ඩුවට සහය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 9දෙනා අද (14) එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙත කැදවා තිබෙනවා.

ඒ පසුගිය මධ්‍යම කාරක සභා රැස්වීමේදී පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

පස්වරු 6ට ඩාලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ආණ්ඩුවට සහය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 9දෙනා වෙත ලිපි යොමු කරමින් අද (14) පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගී වන ලෙස දැනුම්දී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ 14 දෙනාගෙන් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර කැබිනට් අමාත්‍ය ධූර දරණ අතර තවත් 6 දෙනෙකු රාජ්‍ය අමාත්‍ය ධුර දරනු ලබනවා.

කෙසේ වෙතත් අමාත්‍ය ධූරයක් නොදැරුව ද පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකද ආණ්ඩුවට සහය පළ කරමිනුයි කටයුතු කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *