විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පළමු ශ්‍රේණියේ සාමාන්‍ය පන්තිවලට

රජයේ පාසල්වල 2024 වසර සඳහා පළමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේදී විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට පාසලේ සාමාන්‍ය පන්තියක ඉගෙනුම ලැබීමේ වරප්‍රසාදය මෙවර හිමි කරදීමට රජය පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නීලමනී මලවිආරච්චි පවසනවා.
විශේෂ අධ්‍යාපනය සම්බන්ධයෙන් කලාපයේ සිටින අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය ඇතිව මේ දරුවන් පළමුවැනි ශ්‍රේණියට ඇතුළත් කරන බවයි ඇය පවසා සිටියේ.
විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සාමාන්‍ය දරුවන් අතරට පළමුවැනි ශ්‍රේණියේදීම ඇතුළත් කිරීම සිදු කරනුයේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට බවත්, එය එම දරුවන්ට පිරිනමන විශේෂ වරප්‍රසාදයක් බවත් ඇය ප්‍රකාශ කර සිටියා.
විශේෂ අවශ්‍යතා ඇති දරුවන් මෙපමණ කාලයක් ඉගෙනුම ලැබූයේ පාසල්වල විශේෂ අධ්‍යාපන ඒකකවල බවත්, සාමාන්‍ය දරුවන් සමඟ මෙම දරුවන්ට අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසා දීම සාධාරණ කරුණක් බවයි ඇය පැවසුවේ.
කැබිනට් අනුමැතියක් සහිතව මේ දරුවන්ට මේ අයිතිවාසිකම සලසා දී ඇති බවයි ඇය වැඩිදුරටත් පවසා සිටියේ.