පාර්ලිමේන්තුව ලබන 18 සිට 21 දක්වා රැස්වීමට නියමිතයි

පාර්ලිමේන්තුව ලබන 18 වැනිදා සිට 21 වැනිදා දක්වා රැස්වීමට නියමිතයි.
18 වැනිදා ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම 19 වැනිදා දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට නියමිතයි.
තවද ලබන 20 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙන අතර ඉන්පසු අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිතව තිබෙනවා.
21 වන සිකුරාදා බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට ද එකඟතාව පළ වී ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.